වැලිමඩ ප්‍රධාන බස් නැවතුම්පොලේ නතර කර තිබූ ලංගම කැප්පෙටිපොල ඩිපෝවට අයත් බස් රථයක් එම බස් රථයේ කොන්දොස්තර වරයා විසින් ධාවනය කිරීමට ගොස් ඉදිරියෙන් තිබූ ත්‍රී රෝද රථයක හැපී ත්‍රී රෝද රථයේ රියදුරුටද බරපතල තුවාල සිදුව තිබේ.
එම බස් රථයේ රියදුරා බැහැරට ගොස් සිටි අවස්තාවේදී අදාල බස් රථය මෙසේ කොන්දොස්තර වරයා පන ගන්වා ඇත. මෙම අනතුරින් ත්‍රිරෝද රථයටද හානි සිදුව ඇති අතර බස් රථය ඉදිරියට වේගය පාලනය කර ගැනීමට නොහැකිව ගොස් වෙළද සැල් දෙකකටද හානි සිදුව තිබේ.
සිද්ධියට සම්බන්ධ බස් කොන්දොස්තර වරයා වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )