කාබනික වී වගාවේ අස්වනු නෙලීමේ මංගල්‍යය ඔක්කම්පිටිය රජයේ බීජ ගොවිපල හා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විය.
කාබනිකව වගා කරන ලද ඉහල වී අස්වැන්නක් නෙලීම මෙහිදී උත්සවාකාරයෙන් සිදුවිය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි , නියෝජ්‍ය ඇමතිනි සුමේධා ජී ජයසේන , ඌව පළාත් ආණ්ඩුකාර එස්.පී.ජයසිංහ , දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානයක්කාර , ඌව පළාත් සභාවේ කෘෂි කර්ම ඇමති උපාලි සමරවීර යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
( ප්‍රේමලාල් රත්නායක )