බණ්ඩාරවෙල හීල්ඔය මාර්ගයේ ගමන් ගත් ත්‍රී රෝද රථයක් හීල්ඔය කොළතැන්න ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් එක් අයෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා තිබේෙ.
තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සදහා බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කර ඇති අතර මෙම අනතුරින් මිය ගිය පුද්ගලයා අනතුර සිදුවූ ස්ථානයේදීම මිය ගොස් ඇති අතර ඔවුගේ මෘත දේහය බණ්ඩාරවෙල දිසා රෝහලේ තැන්පත් කර තිබේ. මිය ගොස් ඇති පුද්ගලයා 32 හැවිරිදි කොළතැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර තුවාල ලැබූ සිව් දෙනාද එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් වේ.
ත්‍රි රෝද රථයේ රියදුරුට රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදු වන්නට ඇතැයි පොලිසිය සැක කරන අතර බණ්ඩාරවෙල පොලිසියේ රථ වාහන අංශය සිද්ධිය සම්බන්ධව පරික්ෂන සිදු කරති.
( කරුණාරත්න පල්ලේගම / මංජුල සමින්ද / ප්‍රේමලාල් රත්නායක )