ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් මහතාගේ ක්‍රියා කලාපය පිළිබදව විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙසට ජනාධිපති වරයාට කරන ලද පැමිණිලි පිළිබද මෙතෙක් නිසි පියවරක් ගෙන නැතැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.
තමන් සමග ඌව පළාත් සභා මන්ත්‍රීවරු ගණනාවක් මෙම පැමිණිලි ඉදිරිපත් කළ බව මන්ත්‍රී වරයා කියයි.
නිත්‍යානුකූල නොවන ආකාරයට උපදේශක වරු අට දෙනෙක් පත් කර ගෙන සිටීම, විදේශ සංචාරයකදී රජයේ මුදල් වැය කර හිතවතුන් පිරිසක් රැගෙන යෑම, ප්‍රදේශයේ පෙර පාසල් දරුවන් පිරිසකට බෑග් ලබා දීමේදී විෂමතා සිදුවීම , රාජ්‍ය බැංකුවකින් පිරිනැමු ලක්ෂ 30 ක මුදලක් තමන්ගේ නමින් පවත්වාගෙන යන අරමුදලකට බැර කිරීම ආදී වශයෙන් ඔහුට එරෙහිව චෝදනා රාශියක් පවතින බව චමින්ද විජේසිරි මහතා පැවසීය.
මේ පිළිබදව අල්සස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමටද පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් පැමිණිළි කර ඇතැයිද මන්ත්‍රී වරයා කීය.