ඌව පළාත් කෘෂි කර්ම දෙපාර්තමේන්තුවට අයත් බදුල්ල සහකාර කෘෂි කර්ම අධ්යක්ෂ කාර්යාලයට අයත් කැබ් රථයක් බණ්ඩාරවෙල බිදුණුවැව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයට අයත් ගරාජයක දිරාපත් වෙමින් පවතී.
තවමත් ලක්ෂ ගණනක් වටිනා මෙම මහජන දේපල අළුත් වැඩියා කර භාවිතා කිරීමට බලධාරින් කටයුතු යොදා නොමැති අතර මෙම අනතුර පිළිබදව වගකිව යුත්තන්ට කරනු ලබන පරික්ෂණ ඉබි ගමනේ කරන බව සේවකයෝ කියති.
මේ පිළිබදව ඌව පළාත් කෘෂි කර්ම අධ්‍යක්ෂක වරයාගෙන් බදුල්ල නිවුස් විමසු විට ඔහු කියා සිටියේ අදාල කැබ් රථය ඉක්මනින් අළුත් වැඩියා කරන බවත් අනතුරට අදාල පරික්ෂණ සිදු කරමින් පවතින බවත්ය.