යාපනයේ විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් ඉලක්ක කර සිදු කර මිලේච්ඡ ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ව චන්න ජයසුමන මහතාගේ අත්සනින් යුතුව මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබේ. වැඩි දුරටත් එම මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ ආචාර්ය වරු සහ යාපනයේ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වරයා ඇතුළු නිළධාරින් ඉදිරිපිටදී සිදුවූ මෙම ප්‍රහාරය සැළසුම් සහගතව ජාති වාදී පදනමින් සිදුවී ඇති බවත් දෙමළ සිසුන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සිංහල සිසුන්ටද ඒ ආකාරයෙන්ම තිබිය යුතු බව සදහන්ය.
මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී යාපනයේ හා වව්නියාව මණ්ඩපයේ සිංහල සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය රජයෙන් ඉල්ලා සිටින බව මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.