උමා ඔය බහු කාර්ය යෝජනා ක්රමයේ වත්මන් තත්වය හා මෙම ව්‍යාපෘතිය නිසා ජනතාවට අත්ව ඇති ගැටළු සම්බන්ධව සාකච්චා කිරීම සදහා ව්‍යාපෘති වැඩ බිම් වල නිරීක්ෂන චාරිකාවක ඌව පළාත් ආණ්ඩුකාර එම්.සී. ජයසිංහ මහතා පසුගියදා නිරත විය.
මෙහිදී මෙම ව්‍යාපෘතිය නිසා ජනතාවට උද්ගතවී ඇති ගැටළු සම්බන්ධව වෙන වෙනම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන නිළධාරින් සමග සාකච්ඡා කල අතර ව්‍යාපෘතියේ වත්මන් තත්වය සම්බන්ධවද සාකච්ඡා කරන ලදී.
මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර ලේකම් එච්.එම්. සෝමතිලක මහතා , ඌව පළාත් ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් කේ.එස්.එම්. අබේසුන්දර මහත්මිය , උමා ඔය ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්යක්ෂ ආචාර්ය සුනිල්ද සිල්වා , නේවාසික ඉංජනේරු උපුල් ගුණසේකර මහතා ඇතුළු නිළධාරින් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )