Home / Uncategorized / එළවළු පැටවු ලොරිය ප්‍රපාතයට – හතක් රෝහලේ ( PHOTOS )

එළවළු පැටවු ලොරිය ප්‍රපාතයට – හතක් රෝහලේ ( PHOTOS )

ඌව පරණගම ගලහගම කප්පස්ස මාර්ගයේ ගමන් ගත් එළවළු පැටවූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 350 ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා තිබේ.

කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානය දක්වා එළවළු ප්‍රවාහන කල ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් හත් දෙනා ඌව පරණගම දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දෙදෙනෙකුගේ තත්වය බරපතල වූ බැවින් වැඩි දුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරු කර යවා තිබේ.

මාර්ගයෙන් ඉවතට ගිය ලොරි රථය ප්‍රපාතයට පෙරලී අඩි 350 ක් පමණ ප්‍රපාතයට ගොස් ගසක වැදී නතර වි ඇති අතර අනතුරින් ලොරි රථයට බරපතල හානි සිදුව තිබේ. ඌව පරණගම පොලිසිය අනතුර සම්බන්ධව පරික්ෂණ සිදු කරති.

01

02

03

04

05

( මංජුල සමින්ද / ආර්. කෝගුලන් )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *