Home / Articles / සුන්දර බෝඹුරුඇල්ල අසුන්දර කරන සංචාරකයෝ ( Photos )

සුන්දර බෝඹුරුඇල්ල අසුන්දර කරන සංචාරකයෝ ( Photos )

ශ්‍රී ලංකාවේ පිහිටි අති සුන්දර දිය ඇල්ලක් වන බෝඹුරු ඇල්ල එය නැරඹීමට පැමිනෙන සංචාරකයින් ඒ අවට පරිසරයට කැළි කසල බැහැර කිරීම නිසා අසුන්දර වෙමින් පවතින බව බදුල්ල නිවුස් වෙත වාර්තා වේ.

උසින් මීටර් 30 ක් පමණ වන මෙම දිය ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයට හා බදුල්ල දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටා තිබේ. නුවරඑළිය සීතාඑළිය කදපොල රක්ෂිතයේ සිට ඌව පරණගම පේරවැල්ල ප්‍රදේශයට සුන්දර දසුනක් මවමින් මෙම දිය ඇල්ල ඇද හැලේ. මෙම දිය ඇල්ල බොඹුරු ඇල්ල ලෙස හැදින්වීම නිසා ඒ ආශ්‍රිත ප්‍රදේශයද බෝඹුරු ඇල්ල නමින් ප්‍රසිද්ධියට පත්ව තිබේ.

වැලිමඩ මැදවෙල මාර්ගයේ ගමන් කර වලහමුල්ල ප්‍රදේශයෙන් හැරී බෝඹුරුඇල්ල මාර්ගයේ ගමන් කිරීමෙන් හා වැලිමඩ නුවරඑළිය මාර්ගයේ රේන්දපොල මංසන්ධියෙන් හැරී ගලහගම මාර්ගයේ පැමිනීමෙන්ද මෙම ඇල්ල නැරඹීමට හැක. දිය ඇල්ල පාමුලට යෑමට ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 1ක් පමණ ස්වාභාවික වන රොදක් මැදින් ගමන් කල යුතුය. මෙම වන රොද මැදින් ගමන් කිරීමට සිදුවීම මෙම ඇල්ල නැරඹීමට විශාල සංචාරකයින් පිරිසක් පැමිනීමට හේතුවක් වී තිබේ.

මෙලෙස පැමිණෙන සංචාරකයින් ගෙන එනු ලබන මත් ද්‍රව්‍ය බෝතල් , පැනි බීම බෝතල් , බිස්කට් පැකැට් හා අනෙකුත් දේවල් පාවිච්චියෙන් පසු දිය ඇල්ල අවට පරිසරයට බැහැර කිරීම නිසා දැඩි පාරිසර හානියක් සිදුව තිබේ. ඇතැම් ඉවත දමන ද්‍රව්‍ය ජල පහරවල් වලටද එක් වී ඇති අයුරු එහි ගිය අප මාධ්‍ය කණ්ඩායමට දැක ගත හැකි විය.

අනාගත පරපුරටද මෙම සුන්දර පරිසරයේ ආශ්වාදය විදීම සදහා මෙම පරිසරය රැක ගැනීම අප කාගේත් වගකීමකි. එනිසා බදුල්ල නිවුස් දෙස් විදෙස් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම සුන්දර පරිසරය රැක ගැනීමට දායක වන ලෙසට හා බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම අවිධිමත් ලෙස කැළි කසල බැහැර කරන අයට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසටය.

1-1

1-2

1-3

1-4

2

3

4

5

6

7

( මංජුල සමින්ද / ප්‍රේමලාල් රත්නායක )

About premalal

Check Also

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු අත් අඩංගුවට

  බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් මහගොඩයාය ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැති පුපුරනද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *