ඌව පළාත් අධ්‍යාපන සංවර්ධන කේන්ද්‍රයේ පවත්වාගෙන යන හාලිඇල මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ පිහිටි ළමා උද්‍යානය කඩා ඉවත් කිරීමට එරෙහිව අද (28 දා ) පෙරවරුවේ දෙමාපියන් විරෝධතාවයක නිරත විය.
බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගය හාලිඇල ප්‍රදේශයෙන් අවහිර කරමින් දෙමාපියන් මෙම විරෝධතාවයේ නිරත විය. ළමා උද්‍යානය පිහිටි බිමේ දින 100 වැඩ සටහන යටතේ ඌව පළාත් පරිගනක හා තොරතුරු සංනිවේදන මධ්‍යස්ථානය ඉදිකිරීමට ඌව පළාත් සභාව තීරණය කර තිබීම නිසා මෙම ළමා උද්‍යානය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
දෙමාපියන් විරෝධතාවයේ නිරත වෙමින් බලධාරින්ගෙන් ඉල්ලා සිටියේ තම දරුවන්ට විනෝද වීමට ඇති මෙම ළමා උද්‍යානය කඩා ඉවත් නොකරන ලෙසයි. විරෝධතාවය අතර තුර දෙමාපියන් හා පොලිස් නිළධාරින් අතර උණුසුම් කාරි තත්වයක්ද ඇති විය.
( ජයලත් දිසානායක )