අප්‍රේල් 29 වන දා දිවුරුම්වෙල විහාරස්ථානයේ ඉපැරණි බෝධීන් වහන්සේ කපා ලී ඉරූ බවට සැකපිට අත්අඩංගුවට ගත් විහාරාධිපති හිමියන් ඇතුළු සැකකරුවන් හය දෙනා අද වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් 06 වන දින දක්වා බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් ධම්මික රාමනායක මහතා නියෝග කලේය.
සැකකරුවන්ට එරෙහිව චෝදනා අටක් ගොණුවී ඇති අතර ඔවුන්ට ඇප ලබා ගැනීමට හැක්කේ මහාධිකරණයෙන් බව මහේස්ත්‍රාත් වරයා පැවසූ අතර එම ඇප අයදුම්පතද ඉදිරිපත් කල හැක්කේ අගෝස්තු 26 වන දායින් පසුව බවත් වැඩිදුරටත් පැවසීය.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )