Home / Uncategorized / මහියංගන පොලිසියට විරුද්ධව හිමිවරු තුන් නමක් සත්‍යග්‍රහයක

මහියංගන පොලිසියට විරුද්ධව හිමිවරු තුන් නමක් සත්‍යග්‍රහයක

මහියංගනය පොලිසියේ ඇතැම් ක්‍රියා මාර්ගවලට එරෙහිව මහියංගනය නගරයේදී හිමිවරු තුන් නමක් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

ජනතාව කුපිත කරන මහියංගන පොලිසියේ අධුරදර්ශි ක්‍රියා මාර්ග වලට වහා විසදුම් ලබා දෙනු යැයි පවසමින් මේ සත්‍යග්‍රහය ආරම්භ කර තිබින. නගරයේ කළු කොඩි ඔසමින් කඩ සාප්පු වසා නගරයේ ජනතාවද මෙම සත්‍යග්‍රහයට සහය පල කර තිබේ.

මහියංගන ප්‍රදේශයේ සුරාව හා ගව ඝාතනය ඉහල යෑම , අපචාර හා ස්ත්‍රී දූෂණ රැසක් මේ වන විට සිදුවෙමින් පවතින බවත් ඒ සදහා පොලිසිය කිසිදු ආකාරයෙන් ක්‍රියා මාර්ගයක් නොගන්නා බවත් සත්‍යග්‍රහයේ නියුතු හිමිවරු පවසති.

පසුගියදා ප්‍රදේශයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩු ගිණි තැබීමේ සිද්ධියට අදාලව පොලිසියේ ක්‍රියා මාර්ගය ගැන සතුටට පත් විය නොහැකි බව හිමිවරු පවසති.

මේ සම්බන්ධව පොලිස්පති වරයා දැණුවත් කළද තාමත් විසදුම් නොමැති බව උන් වහන්සේලා ප්‍රකාශ කර සිටියේය.

4

3

2

1

( රංජිත් කරුණාවීර )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *