වැලිමඩ නුවරඑළිය මාර්ගයේ රේන්දපොල මංසන්ධිය අසල අද පස්වරුවේ වෙළදසැලක ලොරි රථයක් ගැටීමෙන් වෙළඳ සැලට හා ලොරි රථයට බරපතල හානි සිදුවී තිබේ.
කොළඹ සිට ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රවාහනය කල මෙම අනතුරට පත් ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන වෙළද සැල තුලට ගමන් කිරීමෙන් මෙම අනතුර සිදුව තිබේ. මෙම අනතුර සිදුවන විට වෙළද සැලේ සේවකයන් ආහාර ගැනීම සදහා පිටව ගොස් තිබීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල විනාශයක් නැවතී තිබේ.
අනතුර සම්බන්ධව වැලිමඩ පොලිසියේ රථ වාහන අංශය මේ වන විට පරික්ෂණ ආරම්භ කර තිබේ.
( මංජුල සමින්ද / ප්‍රේමලාල් රත්නායක )