Home / Uncategorized / වැලිමඩදී ඌව මහ ඇමති මාධ්‍යට පුප්පයි ( Vedio)

වැලිමඩදී ඌව මහ ඇමති මාධ්‍යට පුප්පයි ( Vedio)

වැලිමඩ කලාප අධ්‍යාපන කාර්යාලයේදී හද්දාවුල ප්‍රදේශයේ මුල් ගල තැබීමට යෝජිතව තිබූ ප්‍රාථමික විදුහලේ ගැටළුව පිළිබදව ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සහ දෙපාර්ශවය අතර පැවති රැස්වීමේදී දැඩි උණුසුම් කාරී තත්වයක් ඇති විය.

මෙහිදී රැස්වීම වාර්ථා කිරීමට ගිය මාධ්‍ය වේදීන් හට මුලින්ම පැත්තකට වී වීඩියෝ කරන ලෙස අපහසුතාවයට පත්වන ආකාරයෙන් කථා කල මහ ඇමති වරයා අනතුරුව මාධ්‍ය වේදීන් කැමරා උපයෝගී කරගෙන රැස්වීම ආවරණය කිරීම පිළිබදව සිය නොසතුට පල කලේය.

රැස්වීම උණුසුම්කාරීව පැවති අතර මෙහිදී මහ ඇමති වරයා නැවතත් කියා සිටියේ විරෝධතාවයේ නියැලුන හිමි නමක් මෙම පාසල ඉදිකිරීමට කිසි සේත් ඉඩ නොදෙන බව මාධය වෙත ප්‍රකාශ කල බැව් මාධ්‍ය වේදීන් තමන් වෙත පැවසු බවය. මෙහිදී මාධ්‍ය වේදීන් තමන් එවැනි තොරතුරක් මහ ඇමති වරයාට කිසි සේත් ලබා නොදුන් බව ප්‍රකාශ කල අතර විරෝධතා කරුවන්ද මාධ්‍ය වේදීන් එසේ නොකල බව පැවසූහ.

සාකච්ඡාව අවසානයේදී මහ ඇමති වරයා පිටව යන අවස්ථාවේ තොරතුරු නිවැරදිව වාර්තා කරන ලෙසටද මාධ්‍ය වේදීන් හට බලපෑමක ස්වරූපයෙන් පැවසීය.

කුමන බාධක පැමිණියද සත්‍ය තොරතුරු වාර්තා කිරීමට මාධ්‍ය වේදීන් බැදී සිටින බවත් කිසි වෙකුගේ අතකොළු නොවන බවත් සිද්ධිය පිළිබදව වැලිමඩ මාධ්‍ය වේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *