මීගමුව නගර සභා රැස්වීම වාර්තා කර නිවස බලා යමින් සිටියදී මැර ප්‍රහාරයකට ලක් වූ මීපුර නිවුස් වෙබ් අඩවියේ සංස්කාරක හා ශ්‍රී ලංකා වෙබ් මාධ්‍ය වේදීන්ගේ සංගමයේ කැදවුම්කරු , මාධ්‍ය නිදහස සදහා වූ ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු ප්‍රෙඩී ගමගේ මහතාට එල්ල වූ මැර ප්‍රහාරය වැලිමඩ මාධ්‍ය වේදීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙලි දකී.
ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් සටන් කල මාධ්‍ය වේදියෙකුට එල්ල වූ මේ නින්දිත ප්‍රහාරය රටේ සමස්ථ ප්රජාතන්ත්රවාදයට එල්ල වු ප්‍රභල පහරක් වන අතර යහ පාලන රජය සිද්ධියට සම්බන්ධවූවන්ට අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරන තුරු රටේ සාමය අගයන ජනතාව බලා සිටින බව වැලිමඩ මාධ්‍ය සංගමය නිවෙදනය කල මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.