Home / Uncategorized / බලවතුන්ගේ පිහිටෙන් වැලි හාරා මහවැලි ගඟ වනසයි ( photos)

බලවතුන්ගේ පිහිටෙන් වැලි හාරා මහවැලි ගඟ වනසයි ( photos)

මහියංගනය මහවැලි ගග ආශ්‍රිතව දැඩි පාරිසරික විනාශයක් සිදු කරමින් මහා පරිමාන වැලි ගොඩ දැමීමක් සිදුවන බව වාර්තා වේ.

ලංකා පිගන් සංස්ථාවට අයත් වගාව ප්‍රදේශයේ මහවැලි ගං තොටුපල වැලි ගොඩ දැමීමට බදු ගත් පුද්ගලයෙකු බලපත්‍ර කොන්දේසි උල්ලංගනය කරමින් මෙම පාරිසරික විනාශය සිදු කරති.

මහා පරිමාන මෙම වැලි ජාවාරම හේතුවෙන් පාරිසරික හානියක් මෙන්ම කොන්දේසි පිලිපදිමින් වැලි ව්‍යාපාරයේ නිරත අයටද දැඩි අසාධාරණයක් සිදුවන බවද වාර්ථා වේ. විශාල බැකෝ යන්ත්‍ර , ටැක්ටර් හා බෝට්ටුද නියමිත ප්‍රමාණයට වඩා යොදා ගනිමින් ගං ඉවුර සහ ගඟ හාරමින් මෙම වැලි ගොඩ දැමීම් ජයටම සිදුවෙති.

මෙම පාරිසරික විනාශය සදහා අදාල පුද්ගලයා ඉහල දේශපාලන හයිය මෙන්ම ඇතැම් නීතිය රකින බලධාරින්ගේ හා නිළධාරින්ගේද උදව් උපකාර ලබා ගන්නා බව ප්‍රදේශවාසීහු කියයි.

මෙම විනාශය වැලැක්වීමට ඉහල බලධාරින්ගේ අවධානය යොමු විය යුතුව ඇතැයි ජනතාව කියයි.

D

J

K

L

M

N

( රංජිත් කරුණාවීර )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *