වැලිමඩ හද්දාවුල ප්‍රදේශයේ මේ මස තුන් වන දා ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතින් මුල් ගල් තැබීමට නියමිතව තිබූ මුස්ලිම් ප්‍රාථමික විදුහල යෝජිත ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයක ආරම්භ කිරීමට ප්‍රදේශවාසීන්ගේ එල්ල වූ දැඩි විරෝධතාවය මත බලධාරීන්ට සිදුවිය.
නව ප්‍රාථමික විද්‍යාලය හද්දාවුල ප්‍රදේශයේ LRC ඉඩමක ඉදිකිරීමට බලධාරීන් කටයුතු යොදා තිබිණ. වන පාසල ඉදිකිරීමට යෝජිතව තිබුනේ එම ඉඩමෙහිම පිහිටි දඹවින්න ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල අසලය. පාසල සදහා භූමිය සකස් කිරීමට පැමිණි අවස්ථාවේ හින්දු කෝවිලේ බැති මතුන් විශාල පිරිසක් පැමිණ මෙම ස්ථානයේ පාසලක් ඉදි කල හොත් තම ආගමික කටයුතු වලට මෙන්ම පාසලේ අධ්‍යාපන කටයුතු වලටත් බාධාවක් ඇතිවන බව පවසා ඉදිකිරීම් කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව පැවසීය.
මෙහිදී දෙපාර්ශවය අතර දැඩි උණුසුම් කාරී තත්වයක්ද ඇතිවිය. පොලිසියද කැදවා තිබිණ.
සිද්ධිය පිළිබදව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක පියදාස රත්නායක මහතා මෙසේ පැවසීය.
මේ සිද්ධිය පිළිබදව කිසිදු ගැටුම්කාරී තත්වයක් නෑ. LRC එකේ නිළධාරින් හා අපේ නිළධාරිනුත් අදාල ස්ථානයට ගියා. කෝවිලට අවහිරයක් නොවන විදියට මෙම ඉඩමේම පාසල ඉදිකිරීමට හැමෝම එකග වුනා.
(ප්‍රේමලාල් රත්නායක / ආර්. කෝගුලන් )