Home / Uncategorized / මහියංගනයට විශේෂ පොලිස් ආරක්ෂාවක් _ කැරළි මර්ධන ඒකකයද කැදවයි

මහියංගනයට විශේෂ පොලිස් ආරක්ෂාවක් _ කැරළි මර්ධන ඒකකයද කැදවයි

මහියංගනය නගරය හා අවට ප්‍රදේශයේ ආරක්ෂාව සදහා ප්‍රදේශයේ පොලිසි තුනක නිළධාරින් හා පොලිස් කැරළි මර්ධන ඒකක දෙකක්ද කැදවා තිබේ.

පසුගිය වෙසක් පොහොය දින දඹගල්ල ප්‍රදේශයේ බෞද්ධ කොඩි සහ වෙසක් කූඩු මහියංගන පගරගම්මන ප්‍රදේශයේ තරුණයන් අට දෙනෙකු රාත්‍රියේ ගිණි තබා විනාශ කිරීම පිළිබද සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම තරුණයන්ගේ ක්‍රියාවට විරෝධය පා 24 වන දා රාත්‍රියේ මහියංගන නගරයේ ඇතැම් වෙළදසැල් වසා දමන ලෙසද පෝස්ටර් අලවා තිබින.

මෙම ගිණී තැබීමට විරෝධය පා කිසියම් නොසන්සුන්කාරී තත්වයක් ඇතිවේයැයි සැක පිට මෙසේ පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර මැදගම, බිබිල හා මහියංගනය පොලිසිවල නිළධාරින් කැදවා තිබේ.

ඌව දිශාව භාර නියෝජ්‍ය පොලිස් පති වරයාගේ උපදෙස් පරිදි මෙම ආරක්ෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති අතර පොලිස් ජංගම මුර සංචාරක රථද යොදවා තිබේ.

ප්‍රදේශයේ ජාතීන් අතර ගැටුමක් ඇතිවීම වලක්වාලීම සදහා පොලිසිය හා රාජ්‍ය නිළධාරින් එක්වී ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

4

3

2

1

(රංජිත් කරුණාවීර )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *