වෙසක් පොහොය දින රාත්‍රියේ මහියංගනය දඹගොල්ල ගම්මානයේ වෙසක් සැරසිළි ලෙස තිබූ බෞද්ධ කොඩි සහ වෙසක් කූඩු ගිණි තැබූ තරුණයින් අට දෙනෙකු මහියංගනය පොලිසිය මගින් ලැබුණු පැමිණිල්ලක් මත සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
22 වන දින පැවැත්වීමට නියමිත සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණාවක් සදහා ප්‍රදේශයේ තරුණ සංවිධානයක සාමාජිකයින් පිරිසක් පිරිත් මණ්ඩපයක් සකසමින් සිට ඇති අතර ඔවුන් අසල වෙළද සැලකට ගිය අවස්ථාවේ මෙම ගිණි තැබීම සිදු කර තිබේ.
යතුරුපැදි වලින් පැමිණි මහියංගනය පගරගම්මන තරුණයන් පිරිසක් මෙම ගිණිතැබීම සිදු කර ඇතැයි දඹගොල්ල ශ්‍රී සුමනාරාමයේ විහාරාධිපති හදගනාවේ විමලඥාණ හිමියන්ට තරුණයන් සිද්ධිය පිළිබදව දැණුවත් කිරීමෙන් අනතුරුව උන් වහන්සේ මහියංගනය පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.
සිද්ධිය පිළිබදව මහියංගනය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරති.
( රංජිත් කරුණාවීර )