වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වෙසක් දන්සැල් රැසක් නවතා ලැබුණු ආධාර ගං වතුරෙන් හා නාය යෑමෙන් අවතැන් වූවන්ට ගෙන ගොස් භාර දීමට කටයුතු යොදා තිබේ.
වියළි ආහාර වර්ග , ඖෂධ හා ඇදුම් පැලදුම් මෙම ආධාර වලට අයත් වූ අතර වැලිමඩ ප්‍රාදේශීය ලේකම් ඥාණා නවරත්න මහත්මියගේ මූලිකත්වයෙන් මෙම වැඩ සටහන සංවිධානය කර තිබිණ.
එරබද්ද සමගි සුභ සාධක සමිතිය, කැප්පෙටිපොල කිරි ශීත කිරීමේ මධ්‍යස්ථානය , කැප්පෙටිපොල සමගි ත්‍රී රෝද රථ සංගමය, 6 කණුව කරමැටිය එක්සත් සුභ සාධක සමිතිය ආදී සංවිධාන රැසක් මේ සදහා එක්වී සිටි අතර හිටපු ඌව පලාත් සභා මන්ත්‍රී එස්.ඒ.ආර්. බන්දුසේන මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )