
පොලොස් එකතු කරන මුවාවෙන් ගම් වලට පැමිණ මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වැල්ලවාය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් සමත් වෙයි…
අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ත් 25 ත් අතර පුද්ගලයින් වේ..
.සැකකරුවන් සන්තකයේ තිබී මත්කුඩු පැකට් හතරක් සොයාගෙන ඇති අතර එක් පැකට්ටුවක් රුපියල් 5000 ක මුදලකට පුද්ගලයින්ට අලෙවි කරන බව ඔවුන් පවසා තිබේ…
අත්අඩංගුවට පත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි
ඉන්දික ගුරුසිංහ