බඩල් කුඹුර ප්‍රාදේශීය ලේකම්වරයාගේ ස්ථාන මාරුවට විරෝධය පළ කරමින් අද දවසේමොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැති සම්බන්ධ කරන කමිටුව මොණරාගල දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් වරු විසින් වර්ජනය කලහ.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර හා ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ගේ සම සභාපතිත්වයෙන් පවත්වන ලදී…
මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පවසා සිටියේ ජනාධිපතිවරයාගේ ආර්ථික පුනර්ජීවන කමිටු ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම අද දිනයේ සාකච්ඡාවට ගැනුණු බවයි.
ඉන්දික ගරුසිංහ