Home / Articles / ඌවේ හැදෙන ඩොලර් කරල් ..!

ඌවේ හැදෙන ඩොලර් කරල් ..!

255546395_444325693724102_9118177740254201358_n
ඌව පළාත කියන්නෙ මහා වගා කෙතක්. මේ වගා කෙතේ පොලොවට විසි කරන ඕනැම ඇටයක් , දඬුවක් පැලයක් වෙලා මහා රුකක් බවට පත්වෙලා මුලු මහත් රටට මෙන්ම ලෝකයටම දායාද ලබා දෙන්න පුලුවන් පසක් තියනවා.

ලංකාව කියන්නේ ඈත අතීතයේ පටන් කුළුබඩු වලට ඉතාමත් සුප්රසිද්ධ සහ අපේම කියල අනන්යතාවයක් ලෝකය පුරාම තියාගෙන හිටපු රටක්. ඉතින් ඒ වෙනුවෙන් ඌව පළාත , බදුල්ල දිස්ත්රික්කය දායකත්වය දුන්න භෝගයන් අතරින් මුල් තැන ගන්න භෝගයක් විදියට තමයි ගම්මිරිස් ඇතුලත් වෙන්නේ.

ගම්මිරිස් වලින් අපිට කොතරම් විදෙස් විණිමයක් උපයාගත හැකිද?

2004 වර්ෂයේ අමාත්යංශ 4 ක් අපිටත් හම්බවුනා. ඒ අමාත්යංශ අතරින් එකක් තමයි කුඩා කර්මාන්ත අමාත්යංශය. මේ අමාත්යංශය අපි ගත්තට පස්සෙ අපි අධ්යයනයක් කරා මේ රටේ විදෙස් විනිමය උපයන්න පුළුවන් , තරුණ තරුණියන්ට රැකියා අවස්ථා බිහි කරන්න පුලුවන මොන විදියේ කර්මාන්ත ද අපි ඇති කරන්න ඕන කියල. එතකොට අපේ අධ්යයන කමිටුවට ආවා යෝජනාවක් ,
ඌව පලාතෙ බදුල්ල දිස්ත්රික්කයේ , හල්දුම්මුල්ල , ඌවපරණගම , සොරණාතොට, මීගහකිවුල ඇතුළු ප්රදේශ ගණනාවක, ගම්මාන වල හරි සාරෙට ගම්මිරිස් භෝගය හැදෙනවා කියල. මේ වන විට බදුල්ල දිස්ත්රික්කයේ ඇති ගම්මිරිස් වගා ඉඩම් ප්රමාණය අක්කර 12,000 ක් ඉක්මවනවා. ඉතිං මේ හැදෙන ගම්මිරිස් වලින් කල හැකි දේ ගැන අපි වෙනමම හොයලා බැලුවා.
* අමු ගම්මිරිස්
* වියලි ගම්මිරිස්
* සුදු ගම්මිරිස්
* ගම්මිරිස් කුඩු
* ගම්මිරිස් වලින් තෙල් සිඳීම
මේ මේ වගේ නිෂ්පාදන ගණනාවක් කළ හැකි බව අපි හොයාගත්තා.

ගම්මිරිස් වලට හා ගම්මිරිස් වලට අගය එකතු කර සිදු කරන නිෂ්පාදන සඳහා ලෝක වෙලැඳපොළේ විශාලා ඉල්ලුමක් තිබ්බා. විශේෂයෙන් සුදු ගම්මිරිස් සහ ගම්මිරිස් වලින් නිපදවන පෙපරීන් තෙල් වලට විශාල ම ඉල්ලුමක් තිබුණා වගේම අමු ගම්මිරිස් හෝ කළු ගම්මිරිස් අපණයනය කිරීමෙන් ලැබෙන ආදායමට වඩා දෙතුන්ගුණයක ආදායමක් ඉන් ලැබීමේ හැකියාවක් තිබුණා.

ඉතිං මේ කරුණු කාරණා සලකා බලලා අපි තීරණය කරා ඉහතින් දක්වපු ගම් කිහිපයක ‘ ගම්මිරිස් නිශ්පාදන ‘කර්මාන්ත ශාලා කිහිපයක් ඇති කරන්න.

එහෙම ආරම්භ කරපු එක් කර්මාන්ත ශාලාවක් තමයි ඌවපරණගම , මස්පන්නේ පිහිටි ගලනිය කර්මාන්ත ගම්මානය. එවකට කුඩා කර්මාන්ත අමාත්යංශයේ නියෝජ්ය අමාත්ය වරයා වූ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා හා මා ද සහභාගි වී මෙම ගම්මානයේ මූලික වැඩ ආරම්භ කළා.

මේ සඳහා ගමේ තරුණ තරුණියන් කීපදෙනෙක් පුහුණු කොට අවශ්ය යන්ත්ර සූත්ර ඇනවුම් කර සියල්ල සිදු කළා. විශේෂයෙන් කළු ගම්මිරිස් සුදු ගම්මිරිස් බවට පත් කරන යන්ත්ර සූත්ර පවා ගෙනවා. ඒ අපේ ග්රාමීය ගොවි ජනතාවට හොඳ ආදායමකුත්, තවත් පිරිසකට රැකියාවනුත්, උත්පාදනය කරන තැනක් විදියට. බොහෝ මූලික කටයුතු අවසන් කර තිබියදී අපිට අමාත්යංශ වල වගකීම් අතෑරලා ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදුවුණා.

ඉන්පසු බලයට පැමිණි අමාත්යවරුන් මෙම කර්මාන්තශාලා විවෘත කර ටික කලක් තුළදී වසා අකර්මණ්ය තත්ත්වයට පත්කළා. රටට විදේශ විනිමය රැගෙන ඒමටත්, රැකියා උත්පාදනයට, ග්රාමීය ගොවියන් තාවට හොඳ ආදායමක් ලබා දීමටත්, අප කළ සැලසුම් එලෙස පසු පසුගිය පාලකයන් අත්හැර දමනු ලැබුවා.

දැන් ඒ කර්මාන්තශාලාවේ ගම්මිරිස් නිෂ්පාදන එකක් වත් වෙලඳපොලට ලැබෙන්නෙ නෑ. ගමේ අය රැකියා කරන්නෙත් නෑ. කොටින්ම කර්මාන්තශාලාවේ බිත්ති සහ වහලය කාලයාගේ ඇවෑමෙන් වයසට ගිහිල්ලා. ගරා වැටිලා දිරාපත් වෙලා.
ලංකාවේ රැකියා පෝලිම් වල ඉන්න උගත් දක්ෂ හැකියාවක් තිබෙන තරුණ තරුණියන්ගෙන් , රටේ කාර්මීකරණය තුළ නිෂ්පාදනය ඉහළ දමමින් ආර්ථිකය ශක්තිමත් කරමින් සැබෑ සෞභාග්යය ඇති කළ හැකි යි.
පාලකයන්ට ලොකු වුනේ කොමිස් හා පෞද්ගලික ලාභ,
අපට වටිනම දේ වුනේ අපේ රට , අපේ ජනතාව. සැබෑ වෙනස තියෙන්නෙ එතන.
පහලින් තියෙන්නෙ අද ඒ කර්මාන්තශාලාවට අත් වෙලා තියන ඉරණම.
– සමන්ත විද්යාරත්න –

About freddy

Check Also

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු අත් අඩංගුවට

  බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් මහගොඩයාය ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැති පුපුරනද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *