ගෑස් මිළ ඉහළ යාම හේතුවෙන් මෘත දේහයන් ආදාහනය කිරීමේදී අය කරනු ලබන ගාස්තුව රුපියල් 1,500 කින් වැඩි කිරීමට පූජාපිටිය ප්‍රා දේශිය සභාව අද (12 ) තීරණය කර ඇත. ඒ අද පැවැති එ මාසික මහ සභා රැස්වීමේදී තීරණය කරනු ලැබීය.
ඒ අනුව බල ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ ආදාහනයකදී දැනට අය කරනු ලබන රුපියල් 7,000 ක මුදල රුපියල් 8500 දක්වාත්, බල ප්‍රදේශයෙන් පිට පදිංචි පුද්ගලයින්ගෙන් අය කරනු ලබන රුපියල් 8,000 ක ගාස්තුව රුපියල් 9,500 දක්වාද වැඩි කරන බවත් ආදාහනාගාරය පිහිටි වසමේ පදිංචි කරුවන්ගෙන් අය කරනු ලබන රුපියල් 5,500 ක ගාස්තුව රුපියල් 7,000 දක්වාද ඉහළ නැංවිමට යෝජනා වී ඇත.
කෙසේ නමුත් මෙම ආදාහන ගාස්තු ඉහළ නැංවීම ක්‍රියාත්මක කරනු ලබන්නේ 2022 ජනවාරි මාසයේ පළමු වනදා සිටය.