ඇල්ල අඹගොල්ලපතන ප්‍රාදේශයේ පිහිටි සිය නිවසේ සිටියදී විදුලි සැර වැදී ඉන්පසු ගිනි ඇවිලී 74 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක් ජීවිතක්ෂයට පත්වීමේ කනගාටුදායක සිදුවීඹක් සිදුව ඇති බව ඇල්ල පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ඇල්ල අඹගොල්ලපතන පස්සර පාර පදිංචිව සිටි ඒ එම් සුමනා අත්තනායක නමැති විශ්‍රාමික ගුරුවරියකි.
විදුලි සැර වැදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිදුවීම සම්බන්දයෙන් පරීක්ෂණ පැවැත්වෙන අතර නිවසට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.