
බණ්ඩාරවෙල සිට ඇල්ල හරහා බදුරලිය දක්වා එළවළු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් ඇල්ල 17 කණුව ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්ල පොලිසිය කියයි.
පෙරළී ගිය ලොරියේ සිරවී සිටි රියදුරු පැයක පමණ මෙහෙයුමකින් පොලිසිය හා ප්‍රදේශවාසීන් සමඟ එක්ව බේරා ගෙන රෝහල් ගත කළ බව ද පොලීසිය කියයි.
රිය සහයක පෙරලෙන අවස්ථාවේ ඉවතට පැන දිවි බේරාගෙන තිබේ.
(ලංකාදීප)