Home / Uncategorized / අත්හිට වූ බදුල්ල මහ නගර සභාව යළි සක්‍රිය කෙරේ

අත්හිට වූ බදුල්ල මහ නගර සභාව යළි සක්‍රිය කෙරේ

Badulla-Mahanagara-sabhawa-1200x600

 

ඌව ආණ්ඩුකාර නියමයෙන් අත්හිටුවා තිබූ බදුල්ල මහා නගර සභාවේ කටයුතු අද (30) සිට යළි සක්‍රීය වෙයි.

ඒ සඳහා වන ගැසට් පත්‍රය ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් විසින් ඊයේ (29දා) රාත්‍රි නිකුත් කළ බව ඌව ආණ්ඩුකාර ලේකම් මංගල විජේනායක පැවසීය.

ඒ අනුව මෙතක් විශේෂ කොමසාරිස් පාලනයට යටත් කර තිබූ මහ නගර සභාව අද සිට විශේෂ කොමසාරිස් පාලනයෙන් ඉවත්වෙයි.

බදුල්ල මහ නගර සභාවේ බලය පවතින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වන අතර එහි නගරාධිපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද, නියෝජ්‍ය නගරාධිපති ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද අයත්ව තිබේ.

 

 

About freddy

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *