Home / Articles / සිරකාර මනුෂ්‍යයන් වසංගතයට බිලිවෙනු ඇතැයි බියක්!

සිරකාර මනුෂ්‍යයන් වසංගතයට බිලිවෙනු ඇතැයි බියක්!

sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
වැලිකඩ බන්ධනාගාරය තුල කොරෝනා වෛසරය ආසාදිතයන් හත් දෙනකුඑක වර හමුවීමත් සමග සීමිත ඉඩක් තුළ රැඳවියන් විශාල පිරිසක් රදවා සිටින සිරගෙවල් තුළ වසංගත තත්වය ඉතා සීග්‍රයෙන්  පැතිර යාමේ අවදානම පිළිබඳව යළිත් වරක් බිය පලවෙමින් පවතී.

බන්ධනාගාර කොමාසාරිස් චන්දන ඒකනායක පවසන්නේ, අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුව  වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනකුට, නිලධාරියකුට සහ සැකකාරියන් සිව් දෙනකුට කොරෝනා වෛරසය  ආසාදනය වී තිබෙන බව නොවැම්බර් 5 බ්‍රහස්පතින්දා තහවුරු වී තිබෙන බවයි.

සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම සංවිධානයක් රජයෙන් ඉල්ලා සිටින්නේ රැඳවියන්ගේ සෞඛ්‍ය  ආරක්ෂාව වෙනුවෙන් පසුගිය මාර්තු මාසයේදී ජනාධිපතිවරයාට  ඉදිරිපත් කළ යෝජනා වලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති අතර ඒ පිළිබදව යළි සලකා බලන ලෙසයි.

වෛරසය ආසාදිත නිලධරියා IDH රෝහලට යොමු කර ඇති අතර වෛරස්  ආසාදිත සැකකාරියන් සහ සිරකරුවන් වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබන බව පවසන බන්ධනාගාර කොමාසාරිස්වරයා වැඩි දුරටත් සදහන් කරන්නේ කාන්තා අංශයේ සියලු සැකකාරියන් PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි.

ආසාදිතයන් හමුවූ වාට්ටු වසා දමා එහි සිටි සියලු සිරකරුවන් බන්ධනාගාරය තුළම වෙනත් ස්ථානයක වෙන් කර තැබීමට පියවර ගත් බව ඔහු වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා තිබේ.

නොවැම්බර් 4 බදාදා වන විට වැලිකඩ බන්ධනාගාරයේ 6350 දෙනෙකුට PCR පරීක්ෂණ සිදු කර තිබෙන බව ඔහු වැඩි දුරටත් පවසා තිබේ.

 

අඟලක පරතරයක් වත් බෑ:

Senaka Sudesh 2වෛරසය පාලනය කිරීම වෙනුවෙන් අවම වශයෙන් දෙදෙනකු අතර මීටරයක පරතරයක් පවත්වා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දී තිබුනද මෙරට බන්ධනාගාර තුළ අඟලක පරතරයක්වත් පවත්වා ගැනීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දෙන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මාධ්‍යවේදීන් හා කියා ඇත්තේ බන්ධනාගාර තුළ  කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාර්තු 16 වනදා ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ  යෝජනා මාලාව ක්‍රියාත්මක කර තිබුනේ නම් මතුව ඇති අනතුරුදායක තත්වය අවම කර ගැනීමට හැකියාව තිබු බවයි.

ඉකුත් ජුනි මාසයේදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කොළඹදී සංවිධානය කර තිබු මාධ්‍ය හමුවකදී  මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු පෙන්වා දී තිබුනේ, ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඉඩ පහසුකම් ඇත්තේ දස දහසක් පමණ වු පිරිසකට වුවත් මේ වන විට එහි විසි හය දහසක් පමණ සිටින බවයි.

සිරකාර අයිතිවාසිකම් කමිටු යෝජනා   ශ්‍රී ලංකාව තුලදී කොරෝනා වෛරස් ආසාදිතයන් වාර්තාවීමට පටන් ගැනීමත් සමග එය බන්ධනාගාර තුලට ව්‍යාප්ත වුවහොත් ඇති විය හැකි භයානක තත්වය පිළිබඳව බලධාරීන්ට අනතුරු අඟවමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව බන්ධනාගාර තුළ පවතින අධික තදබදයට විසඳුමක් ලෙස ආණ්ඩුවට යෝජනා කර තිබුනේ සුළු වැරදිවලට සිරගතවූවන් සහ දඩ ගෙවා ගැනීමට නොහැකිව රඳවාගෙන සිටින්නන් කොන්දේසි මත හෝ නිදහස් කරන ලෙසයි.

එමෙන්ම වයස්ගත සහ දැඩි ලෙස රෝගී තත්වයන්ගෙන් පෙලෙන රැඳවියන් නිදහස් කිරීම වෙනුවෙන් ඇති නීතිමය ප්‍රතිපාදනත් එම කමිටුව විසින් ආණ්ඩුවේ බලධාරීන්ට පෙන්වා දී තිබුනි.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පසුගිය කාලය පුරා රජයට අවධාරණය කර තිබුනේ සමාලෝචන ක්‍රියාවලිය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම තුළ බන්ධනාගාර වල පවතින අධික තදබදය අවම කර ගත හැකි බවයි.  ඇප ලබාදිය හැකි රැඳවියන් කිහිපදෙනකු පසුගිය කාලයේදී නිදහස් කළද බන්ධනාගාර තුළ පවතින අධික තදබදය අඩුවීමට  එම ප්‍රමාණය  ප්‍රමාණවත් නොවු බව සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ අදහසයි.

 

සිරකරුවන් මරා දැමීම:

කොරෝනා රෝගියකු බවට සැක කොට අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව බියට පත් එම බන්ධනාගාරයේ  රැඳවියන් පිරිසක් නිදහස ඉල්ලා මාර්තු මාසයේදී උද්ඝෝෂණයක් දියත් කළ මොහොතේ බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබීමෙන් දෙදෙනෙක් මරුමුවට පත්විය.

මුළු දිවයිනටම ඇඳිරි නීතිය දමා ඇති අවස්ථාවක රැඳවියන් විසින් තමන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් පවත්වන ලද උද්ඝෝෂණයට වෙඩි තැබූවේ “විරෝධතාව පාලනය කිරීමට” ගිය බන්ධනාගාර නිලධාරීන් බව පොලිසිය විසින්  පසුව තහවුරු කර තිබුනි.

සිරකරුවන් මෙම සමාජයේ කොටසක් සේ නොසලකා කටයුතු කිරීමේ තත්වයක් පසුගිය කාලය පුරා දැක ගත හැකි වු බවට කනගාටුව පලකරන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති  සේනක පෙරේරා, රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ බන්ධනාගාර තුළ කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම වෙනුවෙන් කටයුතු කරන්නා සේම සිරකරුවන්ද මනුෂ්‍යයන් සේ සලකා කටයුතු කරන ලෙසයි.
theleader.lk

About freddy

Check Also

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු අත් අඩංගුවට

  බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් මහගොඩයාය ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැති පුපුරනද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *