Home / Uncategorized / දියලුම ඇල්ලෙන් ගල් පෙරලෙයි ! සුන්දර රාවණා ඇල්ල බොර පැහැයට හැරෙයි !

දියලුම ඇල්ලෙන් ගල් පෙරලෙයි ! සුන්දර රාවණා ඇල්ල බොර පැහැයට හැරෙයි !

ravana falls .3ravana fallsඌව  පළාතේ ඇතිවූ අධික වර්ෂාව නිසා සුන්දර රාවණා දිය ඇල්ලට මඩ සහිත ජලය මිශ්‍ර වී තිබේ.වෙනදා දකින සුදු පෙණ බුබුලු සහිත ඒ මනරම් බව වෙනුවට අද ඇත්තේ බොරු පැයෙන් වේගයෙන් ගලාහැලෙන රාවණා ඇල්ලයි.
මේ අතර
ධාරානිපාත වර්ෂාවත් සමඟ දියලුම ඇල්ලේ දෙපස කන්දේ විශාල ගල් කිහිපයක් මාර්ගය මත වැටීමෙන්  පසුගිය  (4 )අලුයම සිට පැය කිහිපයක් එම මාර්ගය අවහිර වූ බව කොස්ලන්ද පොලීසිය කියයි.

ගල් කිහිපයක් කඩා වැටීමෙන් එම ස්ථානයේ කඩයකට ත්‍රිරෝද රථයකට සහ නිවසකට දැඩි හානි වූ බවත් එහි සිටි 6දෙනෙකුගේ ජීවිත අනූනවයෙන් බේරී ඇති බවත් හල්දුම්මුල්ල ආපදා කළමනාකරණ  නිලධාරී වසන්ත කුමාර මහතා පැවසීය.

එම ස්ථානයේ එහා මෙහා යාමට සිටි උසස් පෙළ විභාග  සඳහා යන අපේක්ෂකයින්ට බාධාවක් ඇති නොවන පරිදි කඩිනමින් ගල් කඩා ඉවත් කිරීමට පොලිසිය ආපදා කළමනාකරණ  අංශ ප්‍රදේශවාසීන් සමඟ එක්ව පියවර ගෙන තිබුණි.

ඡායා-ප්‍රසන්න පත්මසිරි – ඩේලි මිරර්
වසන්ක කුමාර ගේ ෆේස් බුක් පිටුව

About freddy

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *