Home / Uncategorized / නිරෝධායනය වන කාන්තාවන්ගේ කාමරයක් තුලට ගොස් විඩියෝ කරන්න PHIට අවසර දුන්නේ කව්ද ?

නිරෝධායනය වන කාන්තාවන්ගේ කාමරයක් තුලට ගොස් විඩියෝ කරන්න PHIට අවසර දුන්නේ කව්ද ?

PHI diasanayakeScreenshot from 2020-11-02 13-28-19

 

මේ රටේ ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පින් කලාකරුවන් පිරිසක් සිය අවැසි සියළු අනුමැතින්ද සහිතව ටෙලිනාට්‍යයේ රූපගත කිරිම් සදහා බණ්ඩාරවෙලට  ගොස් සිටියදි ඒ අයව නිරෝධායනය කිරිමට කටයුතු කර තිබුණ බණ්ඩාරවෙල මහජන සෞඛ්‍ය පරික්ෂක දිසානායක නැමැත්තෙකු මේ කාන්තාවන් සිටින පුද්ගලික කාමරයක් තුලට ගොස් කරනු ලබන කරුණු පැහැදිලි කිරිමක් විඩියෝ ගතකොට මේ වන විට සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි කිපය සංසරණය වෙමින් තිබේ.

මෙවැනි සදාචාර විරෝධි මෙන්ම වෘත්තිය විරෝධි ලෙස හැසිරෙන මේ දිසානායක  නැමැති මහජන සෞඛ්‍ය පරික්ෂකවරයගෙන් අප මිට සුළු මොහොතකට පෙර විමසා සිටියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජේනරාල්තුමන් විසින් ඉතා පැහැදිලි ලෙසින් නිර්දේශ නිකුත් කර තිබියදි නිරෝධායනය ලක්වන අයගේ පුද්ගලිකත්වටද හානි කරමින් මේ අචාරධර්ම විරෝධි ක්‍රියාව කරන්නට ඔහුට බලය දුන්නේ කව්දැයි යනුවෙනි.

එයට නිසි පිළිතුරක් ලබා නොදි දැන් වැඩ ගොඩක සිටින බව පවසා දුරකථනය විසන්දි කලේය.

පසුව අප මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජේනරාල්වරයාගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ ඒ නිර්දේශ කඩකරන්නේ නම් සෞඛ්‍ය බලධාරින් විසින් ආදල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට එරෙහිව පියවරගැනිම ඒ අයගේ වගකිමක් බවය.

මේ වෘත්තිය විරෝධි බාල හැසිරිම ගැන විමසිම සදහා  අවස්ථා ගණනාවකදි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයාගේ දුරකථනයට ඇමතුම් 15 ක් පමණ ලබාදි තිබුණද එයට ප්‍රතිචාරයක් ඔහු දැක්වුයේ නැත.

කෙසේ වෙතත් කොරෝනා වාර්තා කරණයේදි මෙන්ම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කළ යුතු ආකාරය ගැන රජය ඉතා පැහැදිලි ලෙසින් නිර්දේශ නිකුත් කොට තිබියදි එයට පටහැනිව පිස්සන් සේ කව්රුන් හෝ හැසිරෙන්නේ  නම් ඒ අයව විනය ගත කිරිමේ වගකිම අදාල  සියළු බලධාරින් වෙත පැවරේ.
මේ අනුව එතන විඩිියෝ කිරිම සිදුකරන්නට යෙදුනේ මාධ්‍යවේදියෙකු නම් ඉතා පැහැදිලි ලෙස ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් වරයා එක මාධ්‍යවේදියාගේ මාධ්‍ය භාවිතය ගැන විමර්ශනයක් කළ යුතුව තිබේ.

එමෙන්ම අදාල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ හැසිරිම ගැන ඔහු අයත් සංගමය මෙන්ම අදාල සෞඛ්‍ය බලධාරින් විසින් කටයුතු කළ යුතුව තිබේ

About freddy

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *