හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී දැඩි ආරක්ෂිත ක්ෂීරපායි සතෙකු වන ගෝනෙකු මරා මස් කිරීම, හවුලේ මස් සන්තකයේ තබා ගැනීම, මස් වේළීම සඳහා මැස්සක් තැනීමට හවුලේ පරිසර පද්ධතිය විනාශ කිරීම යන චෝදනාවන්ට වරද පිළිගත් පුද්ගලයන් තිදෙනෙකුට දඩ ගෙවීමට නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (20) නියෝග කළේය.
එක් අයකුට රුපියල් 120,000 බැගින් රුපියල් 360,000 ක දඩයක් ගෙවීමට මහේස්ත්‍රාත්වරයා නියම කෙරිණි.
එක් චෝදනාවකට රුපියල් 30,000 බැගින් චෝදනා හතරට එක් අයෙකුට රුපියල් 120,000 බැගින් මෙසේ දඩ ගෙවීමට නියම වුයේ බෙලිහුල්ඔය, නන්පෙරියල් වත්තේ පදිංචි ගනේෂන් නාගේස්වරන්, කුමාරවේල් සෙල්වකුමාර හා වේලු සුබ්‍රමණියම් යන අයටය.
එම දඩ මුදල්වලට අමතරව බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදි
ලංකාදිප