පසුගියදා ඇතිවූ මහ වැසි සමඟ නාය යෑමට ලක්වූ බදුල්ල – කැප්පෙටිපොළ මාර්ගය තවමත් පිළිසකර නොකිරීම හේතුවෙන් මාර්ගය ඉතාමත් අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති. මාර්ගය නාය යෑමට ලක්ව මේ වන විට මාස තුනකට ආසන්න කාලයක් ගතව ඇතැයිද මාර්ගය පරිහරණය කරන්නෝ පවසති. බදුල්ල මහ නගර සභා සීමාව තුළ පිහිටි මෙම මාර්ගය ඔස්සේ අළුගොල්ල, කන්දෙගෙදර, පිටපොළ ඇතුළු ප්‍රදේශ රැසක් කරා දෛනික බස් රථ සේවාවන් ඇතුළු වාහන විශාල සංඛ්‍යාවක් ගමන් ගන්නා අතර බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වීමේදී විකල්ප මාර්ගය ලෙස භාවිත කරනු ලබන්නේ ද මෙම මාර්ගය බව ජනතාව පවසති. මෙම ස්ථානය රාත්‍රී කාලයේ දී දැඩි අඳුර පවතින බැවින් රාත්‍රී කාලයේදී මාර්ගයේ ගමන් ගන්නා වාහන මෙන්ම පා ගමනින් යන්නෝද දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි ද ප්‍රදේශයේ ජනතාව චෝදනා නඟති.
(දිණමිණ )
Check Also
හරින් ප්‍රනාන්දු බදුල්ලේදි අත්අඩංගුවට !
පසුගිය මහ මැතිවරණයේදී මැතිවරණ නීති කඩකිරීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ...