
වනගත පෙදෙස් හරහා ගමන් ගන්නා අයට අපල කාලයක් මෙනි.
මේ අයට දැන් වනසතුන්ගේ විවිධ හිරිහැර වලට ලක්වන්නට සිදුව කිබේ.
බුත්තල කතරගම මාර්ගයේ දිවියන්ගේ ප්රහාරය .
එමෙන්ම බදුල්ල මහියංගන ප්රධාන මාර්ගයේ වල්ඌරන්ගෙන් සිදුවෙන අනතුරුය.
පසුගිය 28 වෙනිදා බදුල්ල මහියංගන මාර්ගටේ ගමන් ගනිමින් තිබූ මෝටර් රථයක්
ඉදිරිපිටට හිටිහැටියේම කඩා වැදුණු වල් ඌරු රංචුවක් බේරීමට යාම නිසා පෙරේදා (28)
උදෑසන මීගහකිවුල හඳුන් වගාව අසලදී රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගිය
මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී වේල්ලක හැපි යළි මාර්ගය හරහා පෙරළී අනතුරට ලක්ව තිබුණි.
බදුල්ල වීරියපුර ප්රදේශයේ එකම පවුලක පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
අනතුරින් කිසිවකුටත් තුවාල සිදු වී නොමැති අතර මෝටර් රථයට දැඩි අලාභහහානි සිදුව ඇත.
මුලාශ්රය – දිණමිණ