ඌව පළාතේ සියළු උපකාරක පන්ති හා පෞද්ගලික පාසල් හදිසි පරීක්ෂාවකට ලක්කර ළමුන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් නිසිලෙස කටයුතු කර නොමැති සියළු පෞද්ගලික පාසල් හා උපකාරක පන්තිවලට මුද්‍රා තබන ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවර මෛත්‍රී ගුණරත්න මහතා පළාත් පාලන කොමසාරිස්වරයාට නියෝග කර ඇතැයි වාර්ථාවෙ යි.
මේ බව ආණ්ඩුකාරවරයා විසින් නියෝග කර ඇත්තේ ඌව පළාත තුල සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පිටුදැකීම සදහා ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන් ගෙනයන වැඩපිළිවෙළ යටතේය.
වැරදි සහිත ආයතන බලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් අදාළ වැරදි නිවැරදි කර ඒ සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා වාර්තාවක් ලබාගැනීමෙන් අනතුරුව පමණක් යළි එම පන්ති පවත්වාගෙන යාම සඳහා අවසර දෙන ලෙසද ආණ්ඩුකාරවරයා සිය ලිපියෙන් දන්වා තිබේ.