කුඹුක්කන් ඔය අසළ ජීවත්වෙන පිරිසක් ඊයේ (11) මොණරාගල නගර මධ්‍යයේදී සාමකාමී උද්ඝෝෂණයක නිරත වෙමින් ඉල්ලා සිටියේ මොනරාගල කුඹුක්කන්ඔයේ දකුණු ඉවුරේ ඉඳිකර ඇති ගිරිසීඩියා දැව ඉන්ධන තාප බලාගාරය වසා දමන ලෙසටයි.
මෙම තාප බලාගාරයේ අපද්‍රව්‍ය කුඹුක්කන් ඔයට මුදා හැරෙන බවත් ඒ හේතුවෙන් කුඹුක්කන්ඔය ජල යෝජනා ක්‍රමයෙන් පානීය ජල අවශ්‍යතාවයන් සපුරාගන්නා පවුල් විශාල ප්‍රමාණයකට අපවිත්‍ර ජලය පරිභෝජනය කිරීමට සිදුව ඇති බවත් පවසමින් මෙම පිරිස සිය විරෝධතාවය පල කර සිටියහ.
(ඡායාරූප උපුටාගැනීම – ලංකාදීප)