බදුල්ල මහියංගන මාර්ගයේ ඇති වියානා ඇල ජිවිත බිලිගන්නා මාරක තැනක් බවට කලක සිට පත්ව තිබේ. පසුගිය කාලය පුරාවට මෝටර් රථ ගණනාවක්ම මේ ඇලට පෙරළිම නිසා ජිවිත ගණනක් අහිමිව ගොස් තිබේ.
වරක් මාපාකඩවැව 17 කණුව අසලදි මෝටර් රථයක් වියානා ඇලට පෙරලී අනතුරක් සිදු විය. මෙි අවස්ථාවෙිදී මෝටර් රථයේ සිවි දෙනෙකු ගමන් කර ඇති අතර එක් පුද්ගලයකු අතුරුදන් වී ඇත.
ඔහු සොයා පොලීසිය මෙහෙයුමක් දියත්කර තිබෙි. මෙලෙස අතුරුදහන් වී ඇත්තේ බණ්ඩාරවෙල මාපාකඩවැව තිස්සවැව ද්විතීයික පාසලේ ගුරැවරයෙකු වෙි. මෝටර් රථය ඇලට පෙරලී ගිය පසු ප්රදේශවාසීන් එක්ව මෝටර් රථයේ සිටි අනිකුත් පුද්ගලයන් බෙිරාගෙන ඇත. අද උදෑසන රැකියාවන් සදිහා පිටත්ව යන විට ඔවුන් ඒ අනතුරට මුහුණ පා ඇත. ප්රදේශවාසීන් පවසන්නේ වියානා ඇල අසල නිසි ආරක්ෂිත වැටක් නැති නිසා මෙි අනතුර සිදුවු බවයි. මීට පෙරද මෙි ස්ථානයේ අනතුරැ සිදුවි ඇති බවත් වසරකට 10- 12 පමණ වියානා ඇලට බිලිවන බවද පොලිසිය සදහන් කරයි.
මේ අතර පසුගියදා වියානා ඇලේ අපලය බලපා තිබුනේ එහි නාන්නට පැමිණි තරුණයන් පිරිසකටය.
මියගොස් ඇත්තේ මහියංගන ගැමුණුපුර ප්රදේශයේ ඇඟළුම් කම්හලක සේවය කරන හම්බන්තොට රුහුණුගිරිය ගම් ප්රදේශයේ පදිංචි කේ. වික්රමතිලක නැමැති 26 හැවිරිදි තරුණයෙකි.