ප්‍රදේශයක් සදහා කිසියම් සංවර්ධන ව්‍යාපෘතියක් ඉදිවන්නේ එහි වෙසෙන ජනයාගේ අවැසිතා පදනම් කොට ගෙනය.
එසේ නම් නම් ඒවා නිමවු විගස ජනතා අයිතියට පැවරිම අනිවාර්යෙන්ම කළ යුත්තක්ව පවති.
එහෙත් ලංකාවේ බොහොමයක් ප්‍රදේශවලදි දේශපාලන කඹ ඇදිලි හෝ දේශපාලන න්‍යාය පත්‍රයන් නිසා මේ ව්‍යාපෘති ජනඅයිතියට පවරාදිම පමා වෙමින් තිබේ.
දිණමිණ ප්‍රාදේශිය වාර්තාකරු දක්වා සිටින පරිදි විශාල මුදලක් වැය කොට ඉදිකොට ඇති මහියංගණ ආදාහනාගාරය ජනතා ප්‍රයෝජනය සඳහා විවෘත කිරීම කල් දමමින් සිටින්නේ කවර හේතුවක් නිසාදැයි මහියංගණ ජනතාව මහියංගණ ප්‍රාදේශීය සභාවෙන් ප්‍රශ්න නගමින් සිටිති.
මෙම ආදාහනාගාරය ඉදිකර ඇත්තේ මහියංගණ නගරයට ආසන්නවූ දොඩංවත්ත කොටසේ පිහිටි මහවැලි ගංඟාවට යාබද පොදු සුසාන භූමියේ වන අතර නගරයේ එකතුවන සියලුම කැලිකසළ ගොඩගසා ඇත්තේද මෙම භූමියේම බව ඔහු තවදුරටත් අවධාරණය කර සිටි.
කෙසේ වෙතත් සැබැවින් විශාල මුදලක් යටකර ඉදිකරන්නට යෙදුණ ප්‍රදේශයේ ප්‍රධාන අවශ්‍යතාවයක් වු ආදාහනාගාරය අද විවෘත කරන්නේ නැති නම් හෙටවත් එය විවෘත කර දෙන්නේ දැයි ප්‍රදේශවාසිහු ප්‍රශ්ණ කර සිටිත.
මුලාශ්‍රය සටහන සහ ඡායාරූපය-ගිරාඳුරුකෝට්ටේ සමූහ සෝමදාස සමර ගුණරත්න