ලංගම බස්රථ රියදුරෙකු හා පිරිසක් විසින් එල්ලකල ප්රහාරයකින් පුද්ගලික බස්රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වැලිමඩ ප්රදේශයෙන් වාර්ථා වෙයි.
මෙම සිදුවීම සිදුව ඇත්තේ බස් කාලසටහනක් සම්බන්දයෙන් සිදුවූ බහින්බස්වීමක් අතරතුර වැලිමඩ බස් නැවතුම් පොලේදීය.
මිය ගිය බස් රියදුරා තලාව,ගුරුතලාව ප්රදේශයේ පදිංචි 49 හැවිරිදි උඩවෙල්ලේ ගාමිණී වසන්ත කුමාර ලියනගේ නැමැත්තෙකි. මේ වන විට පහරදීම සිදුකල ලංගම බස් රියදුරු,කොන්දොස්තර හා සිදුවීමට සම්බන්ද තවත් ලංගම සේවකයන් දෙදෙනෙකුද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.