Home / Citizen Page / 1817-1818 දී පැවති ඌව වෙල්ලස්ස විමුක්ති සටනට වසර දෙසීයක් පිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක්

1817-1818 දී පැවති ඌව වෙල්ලස්ස විමුක්ති සටනට වසර දෙසීයක් පිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක්

1817-1818 දී පැවති ඌව වෙල්ලස්ස විමුක්ති සටනට වසර දෙසීයක් පිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක්
26 දින වැලිමඩ කැප්පෙටිපොළ මහ විදුහලේදී පැවැත්වීය.
පළාත් සභාව සංවිධානය කළ ඌව වෙල්ලස්ස විමුක්ති සටනේ දෙසීයවස් සැමරුම් උත්සවයේදී සටනට
මුලිකත්වය ගෙන කටයුතු කළ කැප්පෙටිපොල විදුහලේ තිබෙන මොණරවිළ වීර කැප්පෙටිපොල විරුවන්ගේ
පිළිරුවට ආරාධිත අමුත්තන් ඇතුලු පිරිස පුෂ්පෝහාර දැක්වීය.
සැමරුම් උත්සවයේදී අතීත විරුවන්ගේ පවුල්වලින් පැවත එන වර්තමාන සාමාජිකයින් ඇතුලු 1500ක් දෙනා
සහභාගිවිය.
උත්සවයේදී වෙල්ලස්ස මහ සටන පිළිබදව රචිත කෘති එළිදැක්වීම, දේශන පැවැත්වීම,
වාර්තාමය චිත්‍රපටියක් ප්‍රදර්ශනය,පාසල් සදහා පළාත් කොඩි හා වෙල්ලස්සේ කොඩි ලබාදීම,කොස් පැළ ලබාදීම,
නර්තන අංග, සංස්කෘතික අංග ඇතුලු වැඩ සටහන් රුසක් මෙහිදී පැවැත්විය.
වෙල්ලස්ස විමුක්ති සටනේ දෙසීයවස් සැමරුම් උත්සවයට පළාත් ආණ්ඩුකාර ආරිය බී රැකව,
ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා ඇතුලු අමාතයාංශ ලේකම්වරුන් ආයතන ප්‍රධානීන්
ඇතුලු පළාතේ නිළධාරීන් සහභාගිවිය.
සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් අබේසිංහ හදවලපිටිය මහතා ඇතුලු නිළධාරීන් උත්සවය
සංවිධානය කර තිබිණ.

uva1

uva2

uva3

uva4

 

(ඡායාරූප හා සටහන  – Uva Provincial  Media Unit ෆේස්බුක් පිටුවෙනි)

About mithilaya

Check Also

උත්සව සමය වෙනුවෙන් කොළඹ සිට බදුල්ලට විශේෂ දුම්රිය සේවාවක්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවත් කොළඹ කොටුව හා බදුල්ල අතර ආරම්භ වී තිබේ. ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *