වනඅලි ප්රහාරයකින් පසුගිය 22වනදින රාත්රියේදී ජීවිතක්ෂයට පත්වූ දැරියන් දෙදෙනාගේ අවසන් කටයුතු ඊයේ (23) සිදුකෙරිණි.ඒ පරගම්මන ඉස්ලාමීය ගම්මානයේ නුරානියා ජුම්මා ප්රධාන පල්ලියේදී ඉස්ලාමීව ආගමානුකූලවය.
මෙම සිදුවීම මුළු මහිංගනය මෙන්ම මුළු ශ්රී ලංකා වාසීන්ම කම්පාවට පත්කල සිදුවීමක් වූ අතර දැරියන්ගේ දේහයන් නිවස ගෙනෙන විටත් ඔවුන්ට අවසන් ගෞරවය දැක්වීම සදහා දහසකට අධික පිරිසක් ඔවුන්ගේ නිවසට පැමිණ සිට ඇත.
(ඡායාරූප – News at Mahiyangana බින්තැන්නේ වං හුං ෆේස්බුක් පිටුවෙනි)