Home / Badulla Heritage / මොනරාගල හදවත බදුවූ මරගල

මොනරාගල හදවත බදුවූ මරගල

maragala 1මොනරාගල හදවත තමයි මරගල කියන්නේ. මොනරාගල නගරයට ඉහලින් ඇති මේ සුන්දර කදුවැටිය නගරයට පුදුම අලංකාරයක් එක් කරලා දෙනවා.අරුගම්බෙන් මුහුදට වැටෙන හැඩඹය ආරම්භ වෙන්නේ මෙි කදුවැටියෙන් ,ඒ වගේම මොනරාගලින් දකුණ ප්‍රදේශයට වන්නට ජිවත්වෙන බෝහෝ ගොවියන් යැපෙන හුලංදාඹය ඇරඹෙන්නෙත් මරගලින්.කලක් ලංකාවේ හොදම නගර වතුර වුනෙත් මරගලින් එන මොනරාගල නගරයේ වතුරයි.
මරගල කියන්නේ කදු පංතියක්, ජිලෝන්,මොනරකැලේ,අලියවත්ත,සිරිගල, මෙි මරගලේම කොටස්,ජිලෝන් තමයි මෙි කදුවැටියේ උසම තැන එහි උස අඩි 2200ක් පමන වෙනවා.මොනරාගල වැඩි ප්‍රමානයක් වියලි කලාපිය දේශගුනික ලක්ෂණ පෙන්නුමි කලත් මෙි මරගල ආශ්‍රිත වනාන්තර පද්ධතිය වියලි කලාපිය මෝසම් වැසි වනාන්තරයක් ලෙසයි සැලකෙන්නේ,මොනරාගල සාමන්‍ය වර්ෂාපතනය මි.මි 600 -2000 ක් පමන වුවත් මේ අවට වර්ෂාපතනය මි.මි 2500 ට වැඩියි. මේ නිසා මරගල තෙත් කලාපිය ලක්ෂණත් පෙන්නුම් කරනවා.
අඩතැනි කලාපයේ නැගෙනහිර බැවුමේ ඇති විශාලතම ශේෂ කදුපංතිය මරගලයි.මෙම වනාන්තර පද්ධතිය තුල ඉහළ ජෛව විවිධත්වයක් පෙන්නුම් කලත් ඒ පිළිබද විදිමත් ගවේෂණයක් කර ඇති බවට තොරතුරු නැහැ.
මරගල පාරිසරිකව මෙන්ම පුරාවිද්‍යාත්මකවත් ලොකු වටිනාකමක් තියෙනවා.මරගල පැරුන්නො මාරස්සගල ලෙසත් හදුන්වනවා. වෙල්ලස්ස කැරැල්ලේ හැබැම නායකයා වු බුටෑවේ ඉංග්‍රිසින්ට කොටු වුනෙත් මාරගල ඉදල කියලයි ඉතිහාසය පෙන්වා දෙන්නේ..
සමස්ථ මරගල පුරාම තියෙන්නේ පෞරාණික බෞද්ධ නටඹුන්.නමුත් ඒවා වල්වැදිලා.මෙි මරගල වටාත් ඉපැරණි වෙහෙර විහාර විශාල ප්‍රමානයක් දක්නට කියෙනවා.සමහර ඒ විහාරස්ථාන නිදන් හොරැන්ටම සින්නවෙලා.
මෙි සුන්දර මරගල කදුවැටිය ඉංශ්‍රිසින් වතුවගාවන්ට යොදාගෙන තිබු නිසා මෙි කදුවැටියේ අදටත් වැඩි අයිතිය ඇත්තේ ඉඩමි ප්‍රතිසංසකරණ කොමිෂන් සභාවටයි.ජනතා වතුසංවර්ධන මංඩලයටත් සැලකිය යුතු ඉඩමි ප්‍රමානයක් තියෙනවා. හැබැයි නියම අයිතිය තිබිය යුතු වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට තියෙන්නේ ඉතා සුලු ඉඩමි ප්‍රමානයක් පමනයි. මෙි නිසා මානව ක්‍රියාකාරකමි නිසා මරගල සිඝ්‍රෙයෙන් විනාශ වෙමින් පවතිනවා.
අවසන
අපි බොහෝ දේ වල අගය දන්නා මුත්
වටිනාකම නොදන්නා ජාතියකි.

maragala2

maragala 3

maragala4

margala5

සටහන හා ඡායාරූප – නයන සංජීව මහතාගේ ෆේස්බුක් ගිණුමෙනි.

About mithilaya

Check Also

බුදු දහම විකෘති කිරීමට දුර්ධාන්ත වැඩපිළිවෙලක් ඇතැම් පිරිස් ගෙනියනවා _ උඩරට අමරපුර නිකායේ මහා නායක හිමි කියයි (Video)

බුදු දහම විකෘති කිරීමට දුර්ධාන්ත වැඩ පිළිවෙලක් ඇතැමි පිරිස් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *