මහිංයගන ලංකා ගමනාගමණ මණ්ඩලයේ ඩිපොවේ කාර්මිකයෙකු සංතකයේ තිබී මහියංගණයෙන් අත් අඩංගුවය ගත් වැඩිම මත් කුඩු ප්‍රමාණයක් පසුගිය 17 වන දින අත් අඩංගුවට ගත් බව මහියංගන පොලිසිය පවසති.
පසුගියදා මහියංගන 20 කණුව ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්රෑම් 560ක් සංතකයේ තිබී අත් අඩංගුවට ගත් තරුණයෙකුගෙන් සිදුකල ප්‍රශ්න කිරිමේදී ප්‍රධාන හෙරොයින් මත්කුඩු ජාවාරම්කරු පිළිබද තොරතුරු අණාවරනය කර ගැනිමට මහියංගන පොලිස් නිළධාරින් සමත්ව ඇත.
අත් අඩංගුවට පත් ඩිපෝ කාර්මික ශිල්පියා ආදාඋල්පොත පදිංචිකුවෙකු වන අතර විවාහක දෙදරු පියෙකි. මහියංගන ලංගම ඩිපෝවේ කාර්මික ශිල්පියෙකු ලෙස ඔහු රැකියාවේ නිරතව සිට අයෙකි. සැකකරු දෙහිවල ප්‍රදේශයේ සිට මත් කුඩු විශාල ප්‍රමාණයෙන් රැගෙන විත් මහියංගණයේදී කුඩා කොටස්වලට කොටස්කර ඔහු හදුනාගත් විශ්වාසවන්ත ගැනුම්කරුවන් සදහා කලක පටන් අළෙවි කල ජාවාරම් කරුවෙකු බවට විමර්ශන වලදී පොලිසිය මගින් තොරතුරු අනාවරණය කර ගෙන ඇත. සැකකරු අත් අඩංගුවට පත්වන විට ඔහු සංතකයේ තිබී හෙරොයින් ග්රෑම් 3යි මිලිග්රෑම් 200ක ප්‍රමාණයක් තිබු බව පොලිසිය පවසති.
අත් අඩංගුවට ගත් සැකකරු හා හෙරොයින් පසුගිය 18 දින මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් නාලක වීරසිංහ මහතා විසින් සැකකරු ලබන දෙසැම්බර් 02 දින දක්වා (දින 14කට) රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිනි.
මහියංගන පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විජේසේකර මහතා ප්‍රධානත්වයෙන්, නියෝජ්‍ය ස්ථානාධිපති පොලිස් පරික්ෂ රුවන් වීරකෝන් මහතා යටතේ අපරාධ අංශයේ පො. කො. 66024 ජයසේකර මහතාට ලැබුන තොරතුරකට අනුව, 44554 නලින්, 67270 රෂ්නායක, 75337 සදලාල්, 35131 රත්නායක යන පොලිස් නිළධාරින් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබී
Check Also
ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !
නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...