ඉතා දිගු කලක් තිස්සේ වැලිමඩ නගරයේ පාසල් සිසුන්ට හා තරුණයින්හට මත්වීමට පෙති වර්ග අලෙවිකල ෆාමසියක් වලටා ඖෂධ පෙති තොගයක් හා එක් සැකකරුවෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිමඩ ප්‍රධාන බස් නැවතුම්පොල ඉදිරිපිට පිහිටි රිනූෂා ෆාමසිය මෙසේ වැලිමඩ පොලිසිය විසින් වටලුවේ දිර්ඝ කාලයක් සිදුකරන ලද විමර්ශණ වලින් අනතුරුවය.
තරුණයින් හට මත්වීම සදහා මානසික රෝගින් හට ලබා දෙන ඖෂධ පෙති හා රෝගින් හට ලබා දෙන වේදනා නාශක පෙති මෙම ෆාමසිය මගින් වෛද්‍ය වරයෙකුගේ නිර්දේශ නොමැතිව ඉතා ඉහල මිළ ගනන් වලට අලෙවි කර තිබේ. තවද මෙම ඖෂධ වර්ග අදාල ෆාමසිය තුලදිම ගැණුම් කරුවන් හට බීමට ලබා දෙන අතර ෆාමසියෙන් පිටතට රැගෙන ඒමට අදාල හිමිකරුවන් ඉඩ නොදෙන බවත් පැවසේ. තවද තරුණයෙකු මෙම ෆාමසිය තුලදී පෙති පානය කරමින් සිටියදී පොලිසියට අල්ලා ගැනීමට හැකිව තිබේ.
මෙහිදී පොලිසිය මගින් 21 හැවිරිදි සැක කරුවෙක් හා පෙති වර්ග 1000 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ හා බණ්ඩාරවෙල කොට්ඨාශ දිස්ත්‍රික් දෙක භාර සහකාර පොලිස් අධිකාර එච්.එම්. ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.ඩබ්. හේරත් මහතාගේ මූලිකත්වයෙන් පොලිස් පරික්ෂක ධර්මදාස , උප පොලිස් පරික්ෂක වරුන් වන ලක්මාල් හා කෞෂල්‍ය , පොලිස් කොස්තාපල් වරුන් වන 79751 අසංක හා 13367 ජයසුන්දර යන නිළධාරින් විසින් මෙම වැටලීම සිදුකලහ.