බුදු දහම විකෘති කිරීමට දුර්ධාන්ත වැඩ පිළිවෙලක් ඇතැමි පිරිස් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බව උඩරට අමරපුර නිකායේ මහා නායක සහ අමරපුර සංඝසභාවේ උප සභාපති ශ්රාස්ත්රපති මහෝපාද්‍යාය සාහිත්‍ය ශූරී නුවරඑළියේ චන්ද්‍ර ජෝති මහානායක හිමියන් පවසයි.
උන් වහන්සේ මේ බැව් පැවසුවේ ඇති වී තිබෙන තත්වය පිළිබදව කරුණු පැහැදිලි කිරීම සදහා කැප්පෙටිපොල ගවරම්මාන ශ්‍රි පියතිස්ස පිරිවෙන් බෞද්ධ මධ්‍යස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ පිළිබදව මේ වන විට මහ නායක හිමිවරුන්ද අවශ්‍ය පියවර ගෙන ඇති බව පැවසු උන් වහන්සේ යම් නිකායක මහන කර ඇති භික්ෂුන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම් දුර්මත ආදිය තිබේනම් ඒවා දුරු කිරීමේ වගකිම එම නිකායන් වල මහනායක හිමිවරුන්ට ඇතැයි වැඩිදුරටත් පැවසිය.
( විඩියෝව බලන්න )