1990 සුවසැරිය ගිලන් රථ සේවාව ඌව පළාත තුල ව්‍යාප්ත කිරීම පසුගියදා සිදු කෙරින.
මේ යටතේ බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි පොලිස් ස්ථාන කේන්ද්‍ර කර ගිනිමින් ගිලන් රථ ස්ථානගත කර ඇති අතර වැලිමඩ පොලිස් ස්ථානය කේන්ද්‍ර කර ගිනිමින්ද මේ වන විට මෙම සේවාව ලබා ගත හැකිය.
මේ පිළිබදව වැලිමඩ ප්‍රදේශයේ ජනතාව දැණුවත් කිරීමේ වැඩසටහනක් අද පෙරවරුවේ ස්ථාන කිහිපයකදී ක්‍රියාත්මක කෙරින. මෙහිදී මෙම සේවාවේ හදිසි තාක්ෂණික නිළධාරි ලහිරු කසුන් මහතා විසින් මෙම සේවාව මගින් ජනතාවට ලැබෙන සේවාවන් පිළිබදව දැණුවත් කිරීම් සිදු කල අතර මේ අවස්තාවට 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ සහය නිළධාරින් වන නිශාන් නන්දිත හා අකිල අංජන යන මහත්වරුන්ද එක්ව සිටියහ.
හදිසි වෛද්‍ය සේවා පහසුකම් ලබා ගැනිමට 1990 ගාස්තු රහිත දුරකථන අංකයට ඇමතිම මගින් වැලිමඩ ඔබටත් මෙම සේවාව දැන් ලබා ගැනිමට පිළිවන.