වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නව ප්‍රාදේශීය ලේකම් වරයා ලෙස චමින්ද වීරසිංහ මහතා පසුගියදා ( 16 දා ) වැඩ භාර ගන්නා ලදී.
වැලිමඩ ප්‍රාදේශිය ලේකම් වරිය ලෙස කටයුතු කල ඥාණා නවරත්න මහත්මිය බදුල්ල ප්‍රාදේශිය ලේකම් වරිය ලෙස ස්ථාන මාරුවිම් ලබා යෑම නිසා පුරප්පාඩු වූ තනතුර සදහා මෙලෙස චමින්ද විරසිංහ මහතා පත්කර තිබේ.
චමින්ද වීරසිංහ මහතා වැලිමඩ සහකාර ප්‍රාදේශිය ලේකම් වරයා ලෙසද මීට පෙර කටයුතු කර ඇති අතර මෙලෙස ප්‍රාදේශිය ලෙකම් ලෙස පත් වීමට ප්‍රථම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර දිස්ත්‍රික් ලේකම් වරයා ලෙසද කටයුතු කර ඇති ඒ මහතා දක්ෂ තරුණ පරිපාලන නිළධාරියෙකි.
නව ප්‍රාදේශිය ලේකම් වරයා වැඩ භාර ගැනිමේ අවස්තාවට උඩුරට අමරපුර නිකායේ මහා නායක නුවරඑළියේ චන්ද්‍රජෝති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයද බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එම්.ආර්. රංජිත් මහතා ප්‍රමුඛ රාජ්‍ය නිළධාරින් රැසක්ද වැලිමඩ හිටපු ප්‍රාදේශිය ලේකම් ඥාණා නවරත්න මහත්මියද එක්ව සිටියහ.