ඌව පරණගම යහලඅරාව ප්රාදේශයේදි මුව මස් ලග තබාගත් පුද්ගලයින් දෙදෙනෙකු ඌව පරණගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත ඌව පරණගම පොලිසියේ නිළධාරින් විසින් මෙම හදිසි වැටලීම සිදුකර ඇති අතර එහිදී මෙම සැකකරුවන් දෙදෙනා සහ මුව මස් තොගය අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌව පරණගම යහලඅරාව බෝවෙල පදිංචි වයස අවුරුදු 44 ක හා 47 ක පුද්ගලයින් දෙදෙනෙකි.
සිද්ධිය සම්බන්ධව බණ්ඩාරවෙල කොට්ඨාශභාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි ඌව පරණගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ.එම්.එල්.යූ. ජනකප්රිය මහතාගේ මුලිකත්වයෙන් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.
( ලුෂාන්ත රත්නායක )