Home / Uncategorized / ජීව උණ්ඩ රැසක් සමග පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

ජීව උණ්ඩ රැසක් සමග පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

වැලිමඩ දඹවින්න හා නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේදී යුධ හමුදාවේ විශ්‍රාමික ආබාධිත සෙබලෙකු ඇතුළු පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බෝගහකුමුර පොලිසිය සමත්ව තිබේ.

බෝගහකුඹුර පොලිසියේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි බෝගහකුඹුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.යූත ප්‍රියන්ත මහතාගේ මූලිකත්වයෙන් බෝගහකුඹුර පොලිසියේ නිළධාරින් හා බණ්ඩාරවෙල කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් එක්ව කරන ලද මෙහෙයුමකදී මෙම ජීව උණුඩ තොගය හා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී විවිධ වර්ගයේ ජීව උණ්ඩ 50 ක් පමණ සොයා ගැනිමට පොලිසියට හැකිව තිබේ.

බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි බෝගහකුඹුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.යූත ප්‍රියන්ත මහතාගේ මූලිකත්වයෙන් බෝගහකුඹුර පොලිසියේ උ:පො:ප: එල්.ආර්.ජිනදාස , පො:සැ: 75236 උපාලි , පො:කො: 52279 ජගත් , පො:කො: 53905 ජයසූරිය යන නිළධාරින්ද බණ්ඩාරවෙල කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ උ:පො:ප: අශෝක , පො:සැ: 36894 කපිල , පො:කො: 36555 බණ්ඩාර , පො:කො: 51401 සුගත් , පො:කො: ලියනාරච්චි , පො:කො:රි: මංජුල යන නිළධාරින් විසින් මෙම මොහයුම සිදු කල අතර වැඩි දුර පරික්ෂණ සිදු කරති.

IMG_4303
( මංජුල එස්. කුමාර )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *