වැලිමඩ කරගස්තැන්න ප්‍රදේශයේ අසරණ පවුලක් සදහා නව නිවසක් ඉදිකර දීමට බෝගහකුඹුර පොලිසියේ නිළධාරින් කටයුතු කර තිබේ.
ගමට පොලිසිය වැඩසටහනට සමගාමීව බණ්ඩාරවෙල කොට්ඨාශ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි බෝගහකුඹුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.යූ. ප්‍රියන්ත මහතාගේ මූලිකත්වයෙන් එම පොලිස් ස්ථානයේ නිළධාරින් හා ප්‍රදේශයේ ධානපතියන්ගේ සහය ඇතිව මෙම නිවස ඉදිකර තිබේ.
ඉතා අබලන් ගරා වැටෙමින් පැවති නිවසක ඉතා අසරණව ජීවත් වු මෙම පවුල සම්බන්ධව බෝගහකුඹුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.යූ. ප්‍රියන්ත මහතාට තොරතුරු වාර්තා වීමත් සමග වහා ඒ සදහා මැදිහත්ව නව නිවසක් ඉදිකර දීමට කටයුතු කර තිබේ.
ඉදිකල නව නිවස එම පවුල සදහා භාර දීම බදුල්ල හා මොණරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස් පති ජගත් පලිහක්කාර මහතා ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණ අතර මේ සදහා බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා ඇතුළු බණ්ඩාරවෙල කොට්ඨාශය භාර උසස් පොලිස් නිලධාරින් , බෝගහකුඹුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.යූ. ප්‍රියන්ත මහතා ඇතුළු බෝගහකුඹුර පොලිසියේ නිළධාරින් හා ප්‍රදේශවාසින් විශාල පිරිසක් එක්ව සිටියහ.