උඩරට එළවළු අස්වනු අධිකව පවතින කන්න වලදී එළවළු වලට සාධාරණ මිලක් ලබා දෙන ලෙස ඉල්ලා වැලිමඩ ප්රදේශයේ ගොවිහු අද වැලිමඩ නගරයේදී විරෝධතාවයක නිරත වුහ.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මගින් සංවිධානය කල මෙම විරෝධතාවය වැලිමඩ ප්රධාන බස් නැවතුම් පොල ඉදිරිපිටදී පැවැත්වින.
මෙහිදි ගොවි විරෝධතා කරුවන් කියා සිටියේ බිජ සහ පොහොර සහන මිලකට ලබා දෙන ලෙසත් භූමිතෙල් සදහා සහනාධාරයක් ලබා දෙන ලෙසත්ය.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතාත් මේ අවස්තාවට එක්ව සිටියහ.